ශිරන්ති රාජපක්ෂ සහ රංජිත් සියඹලාපිටියට එරෙහිව අද දින අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
2012/2013 වර්ෂවල අම්පාර සහ අනුරාධපුර පැවති දැයට කිරුළ වැඩසටහන යටතේ ඉසව් කළමනාකරණ සේවා සඳහා සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරන කටයුතු සඳහා ටෙන්ඩර් පටිපාටියකින් තොරව ජනතාවගේ බදු මුදල් අයථා ලෙස පරිහරණය කරමින් ශිරන්ති රාජපක්ෂ යන අය කෝටි දොළහකට අධික මුදලක් සහ රංජිත් සියඹලාපිටිය එවකට හිටපු අමාත්‍යවරයා විසින් කෝටි අටකට අධික මුදලක් වංචා කර ඇති බව පවසමින් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය කැඳවුම්කරු කාමන්ත තුෂාර යන අය අද දින අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳ අදාළ ලියකියවිලි තමන් සතු බවත් මේවා රාජ්‍යය ආයතනවලින් අස්ථාන සමහරවිට නොතිබෙන්නටත් පුළුවන් නමුත් මා සතුව ඉතා ආරක්ෂිතව මෙම ලියකියවිලි ඇති අතර මම මැරුණත් යම් තැනක මෙම ලිපිගොනු තවත් තැනක ආරක්ෂිතව ඇති බවත් ඕනෑම මොහොතක ඉදිරිපත් කිරීමට හැකි බවත් සදහන් කර ඇත.
අල්ලස් කොමිසම මගින් කඩිනමින් මේ පිළිබඳ විමර්ශනය කර වහාම වැරදිකරුවන් හට දඩුවම් කර මෙම මුදල් නැවත රජයට පවරා ගන්න කටයුතු කරන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින ලදි.