මීන් පෙර කිසිදා සිදු නොවුණ.. වන්දි ප්‍රධානයක් රජය ලබා දෙන්න යයි.. ඇමති නලින්ද කීව එම පිරිස මෙන්න..

Report

පසුගිය සමයේ දී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබෙනවා.

ඒ අද (07) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ ය.

"ළඟම පාසල හොඳම පාසල.." - නව රජයෙන් පාසල් ගැන ගත් තීරණය මෙන්න..

"ළඟම පාසල හොඳම පාසල.." - නව රජයෙන් පාසල් ගැන ගත් තීරණය මෙන්න..

වාහන මිල ලෙසටම නගී?. වාහනයක් ගන්න හීන බොඳ වෙයි ද?.

වාහන මිල ලෙසටම නගී?. වාහනයක් ගන්න හීන බොඳ වෙයි ද?.

මෙයට අමතරව එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වුණා. සමහර කෙනෙක් පූර්ණ අන්ධ භාවයට පත් වුණා. ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවත් පත් කරලා ඒ කමිටු වාර්තාව ලැබුණා.

ඊයේ අපි කැබිනට් මණ්ඩලයේ දී තීන්දු කළා එකක් ඒ ආබාධිත තත්ත්වයට පත්වෙන ලද රෝගීන් 17 දෙනෙකුට රජය මගින් වන්දි මුදල් ලබා දෙන්න.

මෙවැනි ආකාරයේ වන්දි ප්‍රදානයක් මීට කලින් සිදුවෙලා නැහැ. ඒ නිසා අපි දැන් වන්දි ක්‍රමයක් සකස් කරමින් තියෙනවා.

ඒ විතරක් නෙමෙයි මේ ඖෂධය ගෙන්වීමට මූලික වෙච්ච අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ නිසා මේ ගැන එකින් එකට විමර්ශනය කරගෙන යනවා. මීට අදාළ සියලු අයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන වෙතට අපි යොමු කරනවා."

You May Like This Video👇 

.