සබරගමු සරසවියේ දුෂණ හොයන්න කමිටුවක්

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව ඇති සියලු‍ දූෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීක පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට, කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

එම කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ එහිදී වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙකු අදාළ කමිටුවට සම්බන්ධ කර ගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙසයි.

තවත් බිහිසුණු අනතුරක්...පාසල් දරුවන් සමඟ වෑන් රථයක් පල්ලමකට පෙරලේ..

තවත් බිහිසුණු අනතුරක්...පාසල් දරුවන් සමඟ වෑන් රථයක් පල්ලමකට පෙරලේ..

විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ශාන් සිසුවාගේ සිදුවීම පිළිබඳ දීර්ඝ ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර කියා සිටියේ එහිදී පාලනාධිකාරිය අතින් යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබද සොයාබැලීම මගහැරී ඇති බව නිරීක්ෂණය වන බවයි.

කැනේඩියානු අගමැතිගෙන් ඉන්දීය අගමැතිට ආරාධනාවක්

කැනේඩියානු අගමැතිගෙන් ඉන්දීය අගමැතිට ආරාධනාවක්

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කාර්යක්ෂම, ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට මෙහිදී කාරක සභාව උපදෙස් ලබා දී තිබෙනවා. ශිෂ්‍ය විනය පාලකවරයා, මෙම කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ශිෂ්‍ය නේවාසිකාගාර තුළ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම්දී තිබූ බවයි.

මේ අතර 2022 වසරේදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට කොන්ත්‍රාත්කරුවෙකු සඳහා විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවසර ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. 

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි