VIP වෙනුවෙන් කොළඹ වැසේ... කලකට පසු තීරණයක්..

Police spokesman Sri Lanka Police Colombo Sri Lanka Police Investigation Highways In Sri Lanka
By Akash Apr 03, 2025 12:36 AM GMT
Akash

Akash

Report

ඉන්දීය අග්‍රමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් මස 04 වන දින ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව මෙම සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබයි.

මෙරට කිතුනුවන්ගේ ඉවසීම සහ බලාපොරොත්තුව ජනපති අනුරයි... 21 බලමු

මෙරට කිතුනුවන්ගේ ඉවසීම සහ බලාපොරොත්තුව ජනපති අනුරයි... 21 බලමු

ඒ අනුව 2025.04.04 වන දින සවස 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරනු ලබයි.

එමෙන්ම මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙතපැමිණෙන තැනැත්තන්ට මෙම මාර්ග වසා තැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසට වැඩිදුරටත් දන්වා සිටී.

උඹල අපට බදු ගහනවා නම් අපිත් ඊට වඩා උඹලට බදු ගහනවා... ට්‍රම්ප් අනුරව හිර කරයි (VIDEO)

උඹල අපට බදු ගහනවා නම් අපිත් ඊට වඩා උඹලට බදු ගහනවා... ට්‍රම්ප් අනුරව හිර කරයි (VIDEO)

2025.04.05 වන දින ගාල මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශයෙන්හි මාර්ග අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරනු ලබයි.

මෙම කාල සීමාව තුළදී රථවාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා රියදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස පොලිසිය රියදුරන් ඇතුළු මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ReeCha