කොටස් වෙළෙඳපොළේ අද වෙනසක් - කොළඹ වෙළෙඳපොළේ නවතම තත්ත්වය මෙන්න

Report

අඟහරුවාදා (13) පෙරවරුවේ ගනුදෙනු අතරතුර කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ ගොස් තිබේ. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 0.04ක සුළු පහළ යාමක් වාර්තා කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 8.97කින් පහළ ගොස් ඒකක 20,251ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත්, වඩාත් ද්‍රවශීලී සමාගම්වල කොටස් නියෝජනය කරන S&P SL20 දර්ශකය සියයට 0.12කින් හෙවත් ඒකක 7.02කින් ඉහළ ගොස් ඒකක 5,790ක් ලෙස වාර්තා විය.

කොටස් මිල ඉහළ ගිය සමාගම්

සියලු කොටස් මිල දර්ශකයට ධනාත්මක දායකත්වයක් ලබාදුන් සමාගම් අතර හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටසක මිල සියයට 2.32කින් ඉහළ ගොස් රුපියල් 30.90ක් ලෙස සටහන් විය.

සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් කොටසක මිල සියයට 1.71කින් ඉහළ ගොස් රුපියල් 119ක් වූ අතර, ඩයලොග් ආසියාටා කොටසක මිල සියයට 0.45කින් ඉහළ ගොස් රුපියල් 44.60ක් විය.

එමෙන්ම, වැලිබල් වන් සමාගමේ කොටසක මිල සියයට 0.70කින් ඉහළ ගොස් රුපියල් 86.50ක් ලෙසත්, ඇම්බියන් හෝල්ඩින්ග්ස් කොටසක මිල සියයට 5.18කින් ඉහළ ගොස් රුපියල් 34.50ක් ලෙසත් වාර්තා විය.

ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික ස්ථාවර මට්ටමක -ඩොලරයේ ගණන් අද වෙනස් වුණේ මෙහෙමයි

ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික ස්ථාවර මට්ටමක -ඩොලරයේ ගණන් අද වෙනස් වුණේ මෙහෙමයි

පහළ ගිය කොටස් මිල

මේ අතර, හැටන් නැෂනල් බැංකුවේ කොටසක මිල සියයට 0.26කින් පහළ ගොස් රුපියල් 379ක් විය. ඕවර්සීස් රියැලිටි සමාගමේ කොටසක මිල සියයට 0.99කින් පහළ ගොස් රුපියල් 49.90ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා ටෙලිකොම් කොටසක මිල සියයට 0.97කින් පහළ ගොස් රුපියල් 81.90ක් වූ අතර, කොළඹ ඩොක්යාඩ් සමාගමේ කොටසක මිල සියයට 1.71කින් පහළ ගොස් රුපියල් 115ක් ලෙස වාර්තා විය.

එම පෙරවරුවේ වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 213.11ක් වූ අතර, රුපියල් මිලියන 63.11ක පිරිවැටුමක් සමඟ ආහාර, පාන වර්ග සහ දුම්කොළ කර්මාන්ත අංශය ඉදිරියෙන් සිටියේය.

සමාගම් කිහිපයකින් ව්‍යාපාරික නිවේදන

මේ අතර, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම නිවේදනය කර ඇත්තේ සිය අනුබද්ධ සමාගමක් වන Softlogic Life Insurance Lanka Limited, මව් සමාගම වන Softlogic Life Insurance PLC සමඟ ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති බවයි.

එම ඒකාබද්ධ කිරීම සඳහා 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය නියාමනය කිරීමේ පනතේ 102(1) වගන්තියට අනුව කොළඹ දිසා අධිකරණයේ අනුමැතිය ලබාගත යුතු වේ.

තවද, ඩින්ලංකා ලොජිස්ටික්ස් පෞද්ගලික සමාගම ඔක්තෝබර් 12 වැනිදා සෙලෝන් හොටෙල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ කොටස් මිලියන 20ක් එකක් රුපියල් 30 බැගින් මිලදී ගෙන තිබේ.

එම ගනුදෙනුවෙන් පසු අදාළ සමාගමේ නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 11.11ක හිමිකාරීත්වයක් ඩින්ලංකා ලොජිස්ටික්ස් සමාගම සතු වේ.

මේ අතර, ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම ඔක්තෝබර් 8 වැනිදා කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිටි රුපියල් බිලියන 4.2ක වටිනාකමින් යුත් නව නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

එම නව කර්මාන්ත ශාලාව හරහා අපනයනය සඳහා වැඩි අගයක් එක් කළ අත්වැසුම් නිෂ්පාදනය කිරීමේ සමාගමේ ධාරිතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් - ජනතාවට විමසිලිමත් වන ලෙස විශේෂ දැනුම්දීමක්

දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් - ජනතාවට විමසිලිමත් වන ලෙස විශේෂ දැනුම්දීමක්