පිළිගන්න ලෑස්ති වෙන්න එහෙනම්. - මෙන්න කොටස් වෙළෙඳපොළට එන අලුත්ම සාමාජිකයා.

Colombo Stock Exchange Economy of Sri Lanka Businessman
By Wayomi Jun 14, 2024 12:09 PM GMT
Wayomi

Wayomi

Report

Cable Solutions Limited විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීම සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත අනුමත කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම් අංශයේ උප සභාපතිනි කනිෂ්කා මුනසිංහ සඳහන් කරනවා.

ඒ, අනුව මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා Cable Solutions Limited කොටසක් රු. 7.50 බැගින් කොටස් මිලියන 80.78 ක් ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවර්ධන නිලධාරීන් ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරීන් ට දැනුම්දීමක්


මෙය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 17.16% වේ.

එහිදී දායකත්වය වෙනුවෙන් නව කොටස් මිලියන 14.66 ක් සහ පවතින කොටස් මිලියන 66.12 ක් අලෙවිය වෙනුවෙන් විවෘතව ඇත.

මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා සම්පාදනය කර ගැනීමට යෝජිතක මුළු අරමුදල රු. මිලියන 606 ක් වන අතර මෙම කොටස් නිකුතුව 2024 ජූලි 23 දින විවෘත වීමට නියමිතයි. .

2024 මැතිවරණයට දිනය නියම වෙයි? - පැවැත්වෙන දිනය ගැන ප්‍රකාශයක්. - (VIDEO)

2024 මැතිවරණයට දිනය නියම වෙයි? - පැවැත්වෙන දිනය ගැන ප්‍රකාශයක්. - (VIDEO)



Gallery