කොළඹ කොටස් වෙළෙඳපොළට අදත් සුබ ආරංචියක් - ප්‍රධාන දර්ශක දෙකම ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට - ප්‍රධාන දර්ශක දෙකම ඉහළ යයි පිරිවැටුමට ප්‍රාග්ධන භාණ්ඩ අංශයෙන් වැඩි දායකත්වයක් කොළඹ කොටස් වෙළෙඳපොළ අද (31) ගනුදෙනු අවසානයේ සුළු වර්ධනයක් වාර්තා කරමින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 22.93කින් ඉහළ ගොස් 21,338.84ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.11ක වර්ධනයකි. එමෙන්ම වඩාත් ද්‍රවශීලී S&P SL20 දර්ශකය සියයට 0.22කින් හෙවත් ඒකක 13.03කින් ඉහළ ගොස් 6,018.37ක් ලෙස දිනය අවසන් කළේය.
ASPI දර්ශකයේ ඉහළ යාම සඳහා Browns Investments, Carson Cumberbatch, Windforce, John Keells Holdings සහ DFCC Bank යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.
Browns Investments කොටසක මිල සියයට 8.16කින් ඉහළ ගොස් රුපියල් 5.30ක් ලෙසද, Carson Cumberbatch සියයට 4.13කින් ඉහළ ගොස් රුපියල් 749.50ක් ලෙසද සටහන් විය.
Windforce කොටසක මිල සියයට 4.63කින් ඉහළ ගොස් රුපියල් 40.70ක් වූ අතර, John Keells Holdings සියයට 0.51කින් ඉහළ ගොස් රුපියල් 19.90ක්ද, DFCC Bank සියයට 0.99කින් ඉහළ ගොස් රුපියල් 128ක්ද ලෙස ගනුදෙනු අවසන් කළේය.
මේ අතර Vallibel One, Melstacorp සහ Hatton National Bank යන සමාගම් ASPI දර්ශකයට සෘණාත්මක බලපෑමක් එල්ල කළ ප්‍රධාන සමාගම් බවට පත්විය. දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.014ක් වූ අතර, ඉන් වැඩිම දායකත්වය ප්‍රාග්ධන භාණ්ඩ අංශයෙන් ලැබී ඇති අතර එම අංශයේ පිරිවැටුම රුපියල් මිලියන 300.64ක් ලෙස වාර්තා විය.
මේ අතර, Ceylon Land & Equity සමාගම 2026 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා සාමාන්‍ය කොටසකට රුපියල් 0.043ක පළමු සහ අවසන් Scrip Dividend එකක් ලබාදීමට යෝජනා කර තිබේ.
කොටස් හිමියන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව සැප්තැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
මෙම ලාභාංශය සඳහා රුපියල් මිලියන 39.61ක මුදලක් ප්‍රාග්ධනීකරණය කර නව සාමාන්‍ය කොටස් 4,553,230ක් නිකුත් කිරීමට යෝජනා කර ඇති අතර, එක් නව කොටසක් දැනට පවතින කොටස් 202.33කට අනුපාතිකව නිකුත් කිරීමට නියමිතය.
එක් නව කොටසක් සඳහා සැලකීම රුපියල් 8.70ක් ලෙස දක්වා තිබේ. කෙසේ වෙතත්, Ceylon Land & Equity සමාගමේ කොටස් මිල අද සියයට 1.16කින් පහළ ගොස් රුපියල් 8.50ක් ලෙස ගනුදෙනු අවසන් විය.