කොළඹ වසාගත් දරුණු රෝගයක්
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6,721ක් වාර්තා වී ඇත මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු යැයි සැක සහිත රෝගීන් 6,721 ක් වාර්තා වී ඇති බව කොළඹ නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය විරාජ් උදයංග සඳහන් කළේය.
ඔහු පැවසුවේ, සතියකට ඩෙංගු රෝගීන් මධ්‍යම වශයෙන් 100 ක් පමණ වාර්තාවී ඇති බවත්, පසුගිය මස අවසාන සතියේදී එම සංඛ්‍යාව 80 ක් පමණ බවත් ය.
මෙතෙක් වැඩිම ඩෙංගු රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශය බවත්, ඉකුත් 11 වැනිදා දත්ත අනුව එම සංඛ්‍යාව 856 ක් බවද ඔහු සඳහන් කළේය.
කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය ඒකාබද්ධව දත්ත එකතු කිරීමේ පද්ධතියක් නිර්මාණය කර ඇති අතර, මෙම පද්ධතිය සෞඛ්‍ය ආයතන සහ අධ්‍යාපන ආයතනවල සාර්ථකව ක්‍රියාත්මක වන බව අධ්යක්ෂවරයා පැවසීය.