හදිසියේම කොළඹ ආරක්ෂාව තර කරයි
Police spokesman
Sri Lanka Police
Colombo
Inspector General of Police
Sinhala news
By Akash
කොළඹ නගරයේ ආරක්ෂාව තරකර ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා. කොළඹ ආරක්ෂාව සඳහා නිලධාරින් 6000ක් යොදවන බවයි පොලීසිය සදහන් කර තිබෙන්නේ.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් පොලිසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද ආරක්ෂාව සඳහා යෙදවනු ඇති බව සඳහන්.
යුද හමුදාව, මාර්ග බාධක රාජකාරි කටයුතු සඳහා යෙදවීමට නියමිත අතර පොලිසිය සිවිල් ඇදුමින් සහ ගිනිඅවි අතැතිව ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට නියමිත බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කර ඇත්තේ.
