කොළඹ-පුත්තලම දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ...

By Parami Dissanayake May 27, 2024 11:15 AM GMT
Report

අද (27) සිට අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම නිසා ඇනහිට තිබූ කොළඹ හා පුත්තලම අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව, කොළඹ සිට පුත්තලම දක්වා දිනකට ධාවනය කෙරෙන දුම්රිය හතරෙන් දෙකක් මේ වනවිට පුත්තලම දුම්රිය ස්ථානයට ළගා වී ඇති අතර පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන දුම්රිය හතරෙන් දෙකක් මේ වනවිට පිටත්ව ගොස් ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.

රාජ්‍ය අංශය සතු ඉඩම් 04ක් යොෂිඩා පදනමට භාර දෙයි...

රාජ්‍ය අංශය සතු ඉඩම් 04ක් යොෂිඩා පදනමට භාර දෙයි...

ඉකුත් 21දා සිට මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීම නිසා දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙනිය දක්වා සීමා කර තිබුණි.

අද සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත බංගදෙනිය කාර්යාල දුම්රිය ද පුත්තලම දක්වා ධාවනය කිරීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.