රාජ්‍ය අංශය සතු ඉඩම් 04ක් යොෂිඩා පදනමට භාර දෙයි...

Report

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස ව්‍යාපෘති 04ක් යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පැවරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.

අවුරා ලංකා සභාපති තාඹුගලට අද ලැබුණු තීන්දුව මෙන්න.

අවුරා ලංකා සභාපති තාඹුගලට අද ලැබුණු තීන්දුව මෙන්න.

ඒ අනුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසන්නේ, කලුතර මත්තේගොඩ, නුවරඑළිය කුමාරගම, හොරණ අමරගම හා නිට්ටඹුව රංපොකුණගම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති ආශ්‍රිතව යෝෂිඩා පදනම පෙර පාසල් පවත්වාගෙන ගිය ඉඩම් එම පදනමට පැවරූ බව යි.

එමෙන් ම , ඊට අදාල හිමිකම් ඔප්පු ප්‍රදානය පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරුණු බවද සභාපතිවරයා වැඩි දුරටත් පවසා සිටියි.