ඇති විය හැකි රථවාහන තදබදයක් පිළිබද දැනුම් දීමක්..විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඉල්ලීමක්..

By Piyumika Jan 23, 2025 11:01 AM GMT
Report

නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථාන වාර්ෂිකව ‘දුරුතු නද’ මහ පෙරහැර හේතුවෙන් හෙට (24) රාත්‍රී කොළඹ - මහනුවර මාර්ගයේ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස එක් මංතීරුවක් දෙකට බෙදා වාහන දෙපසට ධාවන කරන බව පොලිසිය පවසයි.

අනේ අම්මපා මෙහෙමත් වෛද්‍යවරු...ලෙඩ ගැන මෙහෙමත් බොරු කියනවද ඇත්තට...

අනේ අම්මපා මෙහෙමත් වෛද්‍යවරු...ලෙඩ ගැන මෙහෙමත් බොරු කියනවද ඇත්තට...

පෙරහැර හෙට (24) රාත්‍රී 8.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විථි සංචාරය කිරීමට නියමිත බවත් පෙරහැර නිට්ටඹුව අත්තනගල්ල පාර කළුවාගස්විල ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයට පැමිණ වමට හැරී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර වල්වත්ත හන්දියෙන් දකුණට හැරී විද්‍යාලෝක මාවතේ පිහිටි ශ්‍රී බෝධි විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතය.

බූරුවන් ගැන නව රජයට ඉල්ලීමක් ...

බූරුවන් ගැන නව රජයට ඉල්ලීමක් ...

එම කාලය තුළ මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

You may like this video