බූරුවන් ගැන නව රජයට ඉල්ලීමක් ...

By Piyumika Jan 23, 2025 10:36 AM GMT
Report

පුත්තලම ප්‍රදේශයේ වඩාත්ම ප්‍රචලිත සත්ව කොට්ඨාශයවන “බූරුවන්” මිනිස් ක්‍රියාකාරකම් හමුවේ මේ වන විට පුත්තලම හැරදා ගොස් සිටිනවා.

එමෙන්ම එම බූරුවන් කල්පිටිය ප්‍රදේශයෙන්ද සීග්‍රයෙන් වදවීයාමේ තර්ජනයක් පවතින බවයි වාර්තා වන්නේ.

අනේ අම්මපා මෙහෙමත් වෛද්‍යවරු...ලෙඩ ගැන මෙහෙමත් බොරු කියනවද ඇත්තට...

අනේ අම්මපා මෙහෙමත් වෛද්‍යවරු...ලෙඩ ගැන මෙහෙමත් බොරු කියනවද ඇත්තට...

කෙසේ වෙතත් මේ වන විට කල්පිටිය ප්‍රදේශයේ පැවැති විශාල තණබිම් විනාශ කරමින් වෙනත් කර්මාන්ත ආරම්භ කිරීමත් සමග බූරුවන්ගේ පැවැත්මට බාධා මතු ව තිබෙනවා.

ආහාර හිගය නිසා බූරුවන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඒ අනුව, ඉතා මෑතක සිට කල්පිටිය ප්‍රදේශයේ ජීවත්වූ බූරු ගහණයද සීග්‍රයෙන් වදවීයාමේ තර්ජනයකටද ලක්ව ඇති බවයි කල්පිටිය ජනතාව පෙන්වා දෙන්නේ.

නැවත්තුවොත් බය නැතුව හිටපන් කිව්වට උබ නම් කියයි කියලා යාලුවත් මඟ දාල හැටේ දුවලා..තාම හොයනවලු ඔන්...

නැවත්තුවොත් බය නැතුව හිටපන් කිව්වට උබ නම් කියයි කියලා යාලුවත් මඟ දාල හැටේ දුවලා..තාම හොයනවලු ඔන්...

වසර ගණනාවකටපෙර 2500ක් 3000ක් පමණ සිටි බූරුවන් වර්තමානය වන විට 50-60 දක්වා පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී කල්පිටිය ප්‍රදේශයෙනුත් බූරුවන් දැක ගත නොහැකි වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

You may like this video