කොළඹ අධි ගංවතුර තත්ත්වය පහළට
තවමත් පවතින කොළඹ දිස්ත්‍රික්කයේ අධි ගංවතුර තත්ත්වය තවදුරටත් පහත යමින් කැළණි ගඟේ නාගලගම් වීදියෙන් ජල මට්ටම අඩි 7.30 දක්වා පහත බැස ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බැස යමින් පවතින බවයි.
අද දින (02) පෙරවරු 9.00 වනවිට ජල මට්ටමට එලෙස වාර්තා වූ අතර පෙරවරු 8 වනවිට එය අඩි 7.35 මට්ටමේ පැවති බව සඳහන්.
එමෙන්ම නවතම වාර්තාවලට අනුව පෙන්වා දෙන්නේ කැළණි ගඟේ හංවැල්ල ප්‍රදේශයෙන් මීටර් 7.50 මට්ටමේ පවතින අතර එය ද බැස යමින් පවතින බවයි.
එමෙන්ම කැළණි ගඟේ සෙසු සියලු ස්ථාන මේ වනවිට සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බව ද වාර්තා වේ.
තවද මී ඔයේ මහා ගංවතුර මට්ටම ද මේ වනවිට මීටර් 8.64 දක්වා පවතින අතර එය ද බැස යමින් පවතියි.
කළු ගඟ ප්‍රදේශයෙන් මීටර් 3.86 ද කළු ගඟේ කලවැල්ලව ප්‍රදේශයෙන් මීටර් 6.20 ක් වශයෙන් ද පවතින ජල මට්ටම තවදුරටත් පහත යමින් තිබෙනවා.
එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රධාන ජලාශවල සෙසු සියලු ජල මටට්ටම් සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බව ප්‍රකාශ කළා.