මුළු කොළඹටම කොළඹ පුරපතිනි බල්තසාර්ගෙන් සුබ ආරංචියක් - මේ බද්ද අඩු කරයි

Report

කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් සඳහන් කරන්නේ කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව මඟින් අය කරනු ලබන විනෝද බදු සංශෝධනය කිරීමට පියවර ගත් බවයි.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

එහි දක්වා ඇත්තේ, කොළඹ නගරයේ ජනතාවගේ විනෝදාස්වාදය සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරන ලෙස ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමකට අනුව, 2026 අයවැය මඟින් මෙම බදු සහනය ලබාදීමට යෝජනා සම්මත වූ බවයි.

යුද ගිනි මැද ලංකාවේ ඉන්ධන මිලෙත් සංශෝධනයක්.. ලංකාවේ ආර්ථිකයට රතු එළියක්

යුද ගිනි මැද ලංකාවේ ඉන්ධන මිලෙත් සංශෝධනයක්.. ලංකාවේ ආර්ථිකයට රතු එළියක්

එසේම අදාළ බදු සංශෝධනයන් ඇතුළත් ගැසට් නිවේදනය ද මෑතකදී නිකුත්කර ඇති බව සඳහන්.

එම නව සංශෝධනය යටතේ සියලුම විනෝද බදු කාණ්ඩවල අනුපාතයන් අඩු කර ඇති අතර, විශේෂයෙන්ම දේශීය කලාකරුවන්ට සහ කලා ක්ෂේත්‍රයට දිරියක් ලබාදීමට දේශීය ප්‍රසංග සඳහා මෙතෙක් පැවති 12%ක බදු අනුපාතය 7% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එම සම්පූර්ණ සටහන උපුටා පහතින්,

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

"අපි පත්වූ අවස්ථාවේදී, කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථා ලබාදීම පිළිබඳ ගරු ආණ්ඩුකාරතුමාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ අනුව, කොළඹ මහ නගර සභාව ලෙස අපි කළ යුතු දේ පිළිබඳ සොයා බැලූ අතර, 2026 අයවැය මඟින් විනෝද බද්ද (Entertainment Tax) අඩු කිරීමේ යෝජනාව සම්මත කළා. එම යෝජනාව මෑතකදී සම්මත වූ අතර, අදාළ ගැසට් නිවේදනයද මෑතකදී නිකුත් කෙරුණා. මෙම සංශෝධනය යටතේ සියලුම විනෝද බදු කාණ්ඩවල බදු අනුපාත අඩු කර තිබෙනවා. විශේෂයෙන්ම, ශ්‍රී ලාංකීය කලාකරුවන්ට සහ දේශීය කලා ක්ෂේත්‍රයට ශක්තියක් ලබාදීමේ අරමුණින්, දේශීය ප්‍රසංග සඳහා අදාළ බද්ද 12% සිට 7% දක්වා අඩු කිරීමට අපි කටයුතු කළා. නමුත් මේ සමඟ අපේ ඉල්ලීමක්ද තිබෙනවා. මෙම සහනයෙන් ලැබෙන ප්‍රතිලාභ එම ක්ෂේත්‍රයට පමණක් නොව, ජනතාව වෙතත් ළඟා විය යුතුයි. ඒ නිසා ප්‍රවේශපත්‍ර මිල ගණන්වලද මෙම සහනය පිළිබිඹු වන ආකාරයෙන් කටයුතු කරමින්, තවත් ජනතාවට කලා හා විනෝදාස්වාද අත්දැකීම්වලට සහභාගී වීමට අවස්ථාව සලසා දෙන ලෙස අපි සියලු සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. කලා ක්ෂේත්‍රය දියුණු වීමත්, ජනතාවට දැරිය හැකි මිලකට ගුණාත්මක විනෝදාස්වාද අත්දැකීම් ලබාගැනීමට හැකි වීමත් යන දෙකම අපේ අපේක්ෂාවයි. ජනතාව වෙනුවෙන් ලබාදුන් මෙම බදු සහනයේ සැබෑ වාසිය අවසානයේ ජනතාවටම ලැබිය යුතු බව අපි විශ්වාස කරනවා."

ඉදිරියේදී සුළං සහ වැසි ඇතිවිය හැකි දිස්ත්‍රික් සහ පළාත් මෙන්න

ඉදිරියේදී සුළං සහ වැසි ඇතිවිය හැකි දිස්ත්‍රික් සහ පළාත් මෙන්න