එක්වරම තවත් මිල පහල යෑමක්. - කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ සිදු වූ හිතාගන්නවත් බැරි වෙනස.
By Wayomi
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට අගෝස්තු මාසයේ දී 0.5%ක් දක්වා පහළ වැටී ඇත.

වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)
මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති 1.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.8%ක් දක්වා පහළ ගොස් ඇති අතර ආහාර නොවන උද්ධමනය පූර්ව මාසයේ දී පැවති 2.8% මට්ටමේ සිට 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
