දෙසැම්බරයේ දී කොළඹ පාරිභෝගික උද්ධමන අනුපාතය 2.1%යි
By Mithu
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ඉකුත් වසරේ (2025) දෙසැම්බර් මාසයේදී සියයට 2.1 (දෙකයි දශම එක) ක් ලෙස වාර්තා වී ඇත.
ඒ අගය නොවැම්බර් මාසයේද සමානව, සියයට 2.1 ක් වාර්තා වී තිබුණි.
ඉන් විශේෂයෙන් දෙසැම්බර් මාසය සඳහා ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) සියයට 3 ක් වාර්තා වූ අතර, නොවැම්බර් මාසයේද එය සියයට 3 ක් ලෙස රැඳී තිබුණි.
දෙසැම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) සියයට 1.8 (එකයි දශම අට) දක්වා වැඩි වී ඇති අතර, නොවැම්බර් මාසයේ එය සියයට 1.7 (එකයි දශම හත) ක් වාර්තා වී තිබුණි.