කොළඹ ජනතාවගේ උද්ධමන අනුපාතය ජනවාරියේ ඉහළට

Report

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 2.3 ක් (දෙකයි දශම තුන) දක්වා ඉහළ ගොස් තිබේ .

ඉකුත් වසරේ (2025) දෙසැම්බර් මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය වූයේ සියයට 2.1 කි.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන්කරන පරිදි කොළඹ නාගරික ප්‍රජාවගේ ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) සියයට 3.3ක් (තුනයි දශම තුන) දක්වා වැඩි වී ඇති අතර ඉකුත් දෙසැම්බර් මාසයේ දී එය වාර්තා වූයේ සියයට තුනක්    (3%) ලෙසය.

දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) සියයට 1.8 ක් ලෙස පැවති අතර,මේ වසරේ ජනවාරි මාසය සඳහා ද එම අගය සියයට 1.8 ක් () ලෙස නොවෙනස්ව පවතී.

ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්, පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්, පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට