ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්, පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට
මතුගම පොලීසියේ පිස්තෝලයක් සහ පතොරම් 10ක් සමඟ මැගසිනයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත .
ඒ අනුව පසුගිය ජනවාරි 26 වනදින සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවට ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී තිබුණි.
මෙලෙස අස්ථාන ගතවී තිබුණේ මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ 10ක් සහිත පතරොම් ගැබකි.
මේ සම්බන්ධයෙන් මතුගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරණ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කර තිබේ.