මුළු කොලොම්බියාවම ලේ විලක් කරමින් භූමිකම්පාවෙන් මිය ගිය ගණන 224 දක්වා ඉහළට

Report

කොලොම්බියාවට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4 ක ප්‍රබලතාවයෙන් යුතු භූකම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 224 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දශකය තුළ කොලොම්බියාවෙන් වාර්තා වූ ප්‍රබලතම භූකම්පනය ලෙස සටහන් වූ මෙම ස්වාභාවික ව්‍යසනය, එරට වේලාවෙන් ඊයේ (10) උදෑසන 7.34 ට පමණ සිදුව තිබුණි.

මෙම භූකම්පනයත් සමඟ තවත් පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වන අතර, තවත් විදෙස් මාධ්‍ය කිහිපයක් තහවුරු කරන්නේ සිද්ධියෙන් පුද්ගලයින් 132 දෙනෙකු මියගොස් 570 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පැවැති දැඩි අවදානම් තත්ත්වය හමුවේ එරට ප්‍රධාන නගර පහක් සඳහා රතු නිවේදන නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

අටපිරිකර මිලදී ගැනීමේදී මහජනතාව ප්‍රවේශම් වෙන්න - පාරිභෝගික අධිකාරියෙන් නිවේදනයක්

අටපිරිකර මිලදී ගැනීමේදී මහජනතාව ප්‍රවේශම් වෙන්න - පාරිභෝගික අධිකාරියෙන් නිවේදනයක්

එමෙන්ම මැනිසාල්ස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටගෝ සහ බුවනෙචුරා ඇතුළු ප්‍රදේශ කිහිපයක පිහිටි ගුවන් තොටුපළ හතක (07) ක්‍රියාකාරීත්වය ද ආරක්ෂිත පියවරක් ලෙස අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මෙම ප්‍රබල භූකම්පනයේ බලපෑම අසල්වැසි වෙනිසියුලාව, ඉක්වදෝරය සහ පැනමාව යන රටවලට ද තදින් දැනී තිබුණි.

පසුගිය 1999 වසරේදී ද මෙම ප්‍රදේශයේම රික්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් සිදුවූ අතර, එහිදී පුද්ගලයින් 1,200 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය.

සැප්තැම්බර් 1සිට අලුත් නීතියක් - බලපත්‍ර එකම තැනකින් ලබාදීමේ ක්‍රමවේදයක්

සැප්තැම්බර් 1සිට අලුත් නීතියක් - බලපත්‍ර එකම තැනකින් ලබාදීමේ ක්‍රමවේදයක්