ඔන්න පොල් කාලත් හමාරයි
By Ashfa
ලාංකික අපේ ආහාර රටාවේ පොල්වලට සුවිශේෂි ඉඩක් හිමි වෙනවා.
පොල් කිරි දාලා යහමින් රසවත් කර ගන්නා වෑංජනයක් දෙකක් අපේ කෑම වේලක වරදින්නේ නැහැ.
ඒ වගේම පොල් සම්බෝලයක් එහෙම කන්න අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් මනාපයි.
ඒත් මේ කියන්න හදන්නේ දුක හිතෙන පුවතක්.
මේ වනවිට වෙළඳපොලේ ලුණු හිගයක් නිර්මාණය වී ඇති පසුබිමක පොල් ගෙඩියක මිලද යළිත් වරක් රුපියල් 250 ඉක්මවා තිබෙනවා.
ලුණු හිඟයට පිළියමක් ලෙස රජය ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බවයි ජාතික ලුණු සමාගම ප්‍රකාශ කළේ.
එහි සභාපති ගයාන් වෙල්ලාල සඳහන් කළේ, පසුගිය බ්‍රහස්පතින්දා සිටම අදාළ ලුණු තොග මෙරටට ලැබෙමින් පවතින බවයි.
කෙසේ වෙතත්, වෙළඳපොලේ ලුණු ගැටලුව විසදෙන පසුබිමක වෙලදපොලේ පොල් ගෙඩියක මිල රුපියල් 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.