ඩොලරයක් වූ අපේ රටේ පොල්...!!!

Report

ශ්‍රී ලංකාවේ මේවන විට පොල් ගෙඩියක මිල ඩොලරයක් වී ඇති බවට පාරිභෝගිකයන් පවසයි.

ඉදිරියේදී ඩොලරයද පසු කරමින් මෙරට පොල් මිල ඉහල යනු ඇති බවයි අනාවැකි පලව ඇත්තේ.

ඒ අනුව වෙළඳපළේ පොල් මිල තවදුරටත් ඉහළ මට්ටමේ පවතින බවට පාරිභෝගිකයෝ කියා සිටිති.

රාජ්‍ය සේවකයන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

රාජ්‍ය සේවකයන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

ඇතැම් නගරාශ‍්‍රිත ප‍්‍රදේශයන්හි සාමාන්‍ය ප‍්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 240-250ක් පමණ වන මිලකට අලෙවි කෙරේ.

තරමක් විශාල ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 280-290 දක්වා මිල පරාසයන් දක්වා විහිද ඇත.

ඉතාම කුඩා ප‍්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 200ට අඩුවෙන් මිලට ගැනීමටද ඇතැම් අවස්තාවල හැකියාව ඇත.

එළඹෙන උත්සව සමයේදී පොල් ඉල්ලුම වැඩිවෙන නිසා දැන් පවතින මිල ගණන් තවදුරටත් ඉහල යා හැකි බව වෙළදුන් කියා සිටිති.

පන්සලේ සරුවට වවලා මාට්ටු වූ හාමුදුරුවෝ

පන්සලේ සරුවට වවලා මාට්ටු වූ හාමුදුරුවෝ