උයද්දි නැතුවම බෑ නේද?. පොල්තෙල් ගැන.. ගත්ත තීරණයක් මෙන්න..
මෙරට හා ආනයනික පොල්තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කිරීමට මෙන්ම මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් ආනයනික ඛාද්‍ය තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධව පවතින ගැටලු සහගත තත්ත්වයත් නිසා ඒවා නියාමනය කිරීමට පොල් සංවර්ධන අධිකාරියට බලතල ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.