ප්‍රමාද වී ආපු ගමන් මල්ලෙ තිබූ දෙයින් කටුනායක හෙල්ලෙයි - ස්පාඤ්ඤ ජාතිකයෙක් අත්අඩංගුවට

Report

රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් තොගයක් සමඟ විදේශ ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ඒකකය පවසන පරිදී එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක්. කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙක් වන ඔහු ඉකුත් 22 වෙනි දින සියෙරා ලියෝන් සිට අඩිස් අබාබා සහ දෝහා හරහා කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR654 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

එහිදී සැකකරු විසින් සිය අතෙහි රැගෙන ආ ගමන් මල්ල රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළ ද කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් සොයගැනීමට නොහැකි වූ බව මත්ද්‍රව්‍ය පාලන ඒකකය පවසයි.

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

එහෙත් ඔහුගේ අනෙක් ගමන් මල්ල එම ගුවන් යානයෙන් නොපැමිණීම නිසා, නියමිත පැමිණීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු ගුවන් තොටුපොළෙන් පිටව යාමට ඔහුට අවසර ලබාදී ඇත.

ඒ අනුව ප්‍රමාද වූ ගමන් මල්ල පසුව ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබූ අතර, එය භාර ගැනීමට සැකකරු ඊයේ (24) පස්වරු 6.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයට පැමිණ ඇත.

අඳාළ ගමන් මල්ල නිදහස් කිරීමට පෙර ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් එය එක්ස්-රේ පරීක්ෂාවට ලක් කිරීමේදී සැකකටයුතු ද්‍රව්‍ය නිරීක්ෂණයවීම නිසා එය පූර්ණ භෞතික පරීක්ෂාවක් සිදු කර තිබෙනවා.

උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - අගෝස්තු 03 මධ්‍යම රාත්‍රී 12.00ට අවසන්

උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - අගෝස්තු 03 මධ්‍යම රාත්‍රී 12.00ට අවසන්

එහිදී ගමන් මල්ල තුළ තිබූ ලිපිගොනු රඳවන දෙකක් තුළ ඉතා සූක්ෂම ආකාරයට සඟවා තිබූ කොකේන් පාර්සල් හතරක් සොයාගෙන ඇති අතර එහි මුළු බර කිලෝග්‍රෑම් 2.198ක් බව සඳහන්. එමෙන්ම එහි දළ වීථි වටිනාකම රුපියල් මිලියන 109.9ක් පමණ වන බවට තක්සේරු කර ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් කොකේන් තොගය වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව සඳහන්.

සුළු මොහොතකයට පෙර ලංකාවටම බලාත්මක නිවේදනයක් - තද සුළං නිසා අද වෙන්න යන දේ

සුළු මොහොතකයට පෙර ලංකාවටම බලාත්මක නිවේදනයක් - තද සුළං නිසා අද වෙන්න යන දේ

කතරගමට එන බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක පරිදි මෙම ස්ථාන වසා දමයි

කතරගමට එන බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක පරිදි මෙම ස්ථාන වසා දමයි