ගල් අඟුරු කොමිසම ලබන සතියේ වැඩ අරඹයි

Report

ශ්‍රී ලංකාවේ ගල්අඟුරු ආනයනය සහ විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් සිදුව ඇති බවට සැක කෙරෙන අක්‍රමිකතා හා නීති විරෝධී ක්‍රියා පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ලබන සතියේදී වැඩ ඇරඹීමට නියමිතය.

ගල්අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ දින සිට අප්‍රේල් 16 වැනිදා දක්වා කාල සීමාව තුළ, රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයන් මගින් ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලි නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුව ඇත්දැයි සොයා බැලීම මෙම කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යය වේ.

"ගල්අඟුරු විගණන වාර්තාව නීතිපතිට දෙන්න" - සජබයෙන් ඉල්ලීමක්

"ගල්අඟුරු විගණන වාර්තාව නීතිපතිට දෙන්න" - සජබයෙන් ඉල්ලීමක්

මෙම කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සහ සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතා පත් කර තිබේ. කොමිෂන් සභාවේ ලේකම් ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී.වී. බන්දුලසේන මහතා පත් කර ඇත.

ඊශ්‍රායල-එක්සත් ජනපද ප්‍රහාරවලින් ඉරානයේ මරණ 3,468ක් දක්වා ඉහලට

ඊශ්‍රායල-එක්සත් ජනපද ප්‍රහාරවලින් ඉරානයේ මරණ 3,468ක් දක්වා ඉහලට