"ගල්අඟුරු විගණන වාර්තාව නීතිපතිට දෙන්න" - සජබයෙන් ඉල්ලීමක්
By R.rishma
ගල්අඟුරු වංචාවට අදාළව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් වහාම නීතිපතිවරයාට බාර දෙන ලෙස සමගි ජන බලවේගය ඉල්ලීමක් කර ඇත.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වන හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් කියා සිටියේ, ආණ්ඩුව විසින් එවැනි වාර්තාවක් සෘජුව නීතිපතිවරයා වෙත යොමු නොකර, විවිධ කොමිෂන් සභා පත් කිරීම මගින් සැබෑ ප්‍රශ්නයෙන් ගැලවීමට උත්සාහ කරන බවයි.
කොළඹ ඔහුගේ නිවසේ අද (19) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ, ජනතා මුදල් සම්බන්ධයෙන් එල්ලවී ඇති මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ඉක්මන් හා පාර්දර්ශී පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, වගකිවයුතු පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්ය.