ක්ලබ් වසන්තගේ බිරිඳගේ නවතම තත්ත්වය ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Report

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ තවමත් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වනවා.

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, ඇයගේ තත්ත්වය මේ වන විට යහපත් මට්ටමට පැමිණ ඇති බවයි.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 08 වනදා වෙඩිතබා ඝාතනය කෙරුණා.

වෙළෙඳපොළේ පවතින පොල්තෙල් සම්බන්ධයෙන් රතු එළියක්..

වෙළෙඳපොළේ පවතින පොල්තෙල් සම්බන්ධයෙන් රතු එළියක්..


මේ අතර එම අවස්ථාවට සහබාගීවී සිටි කේ.සුජීවා ද එම වෙඩි තැබීමට ගොදුරුවූ අතර ඇයත් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

කෙසේවෙතත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ද මේ වන විට යහපත් මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.