වසන්ත මීට පෙර මාතරදී මරන්න හදලා..එදා 99න් බේරිලා..ඒ ටැටූ මධ්‍යස්ථානයකදීමයි.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Matara Murder
By Aruna Jul 11, 2024 06:04 PM GMT
Aruna

Aruna

Report

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තට වෙඩි ප්‍රහාරය එල්ල කරන අයුරු දැක්වෙන තවත් CCTV දර්ශන අද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.

අදාළ ටැටූ මධ්‍යස්ථානය චාරිත්‍රානුකූලව විවෘත කිරීමෙන් පසුව ක්ලබ් වසන්ත සිටින්නේ එහි තිබූ සෝපාවෙහි වාඩිවී කිරිබත් අනුභව කරමින් වීම අදාල දර්ශන වලදී දැකගත හැකිය.

වෙඩික්කරුවන් දෙදෙනා ගිනි අවිද රැගෙන මෝටර් රථයකින් බැස ඉහළ මාලයේ පිහිටි ටැටූ මධ්‍යස්ථානය දෙසට දිවඑන්නේ ඒ අතරවාරයේදීයි.

වසන්තගේ දේහය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක්..රටින් ආපු කෝල් එක මෙන්න..

වසන්තගේ දේහය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක්..රටින් ආපු කෝල් එක මෙන්න..


ඔවුන් දුටු මධ්‍යස්ථානයේ ඉදිරිපස දරුවකු වඩාගෙන සිටි පුද්ගලයා දොර විවෘතකර යමක් පවසන ආකාරය ද අදාල සීසීටීවී දර්ශන වල දැකගත හැකිවේ.

ඒ මොහොතේම එහි ඇතුළුවන වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙකු කිසිදු චකිතයකින් තොරව ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලබයි.

වෙඩික්කරුගේ ගිනි අවියේ උණ්ඩ ගැබෙහි ඇතිවූ යම් දෝෂයක් හේතුවෙන් ඔහු පසෙකට වන ආකාරය ද එම දර්ශන වල දක්නට ලැබේ.

එහිදී අනෙක් වෙඩික්කරු ඉදිරියට පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කරයි.

ක්ලබ් වසන්ත සිටි ස්ථානයට නුදුරින් වාඩිවී සිටින ඔහුගේ ආරක්ෂකයින් ඇතුළු පිරිසක් වෙඩි ප්‍රහාරවලට බියෙන් මධ්‍යස්ථානයේ මුදල් අයකැමි මේසය යටට පැන සැඟවෙන ආකාරය ද CCTV දර්ශන වල දක්නට ලැබේ.

ලස්සන වෙන්න පාවිච්චි කළ රූපලාවන්‍ය නිෂ්පාදන ගැන රතු එළියක්..

ලස්සන වෙන්න පාවිච්චි කළ රූපලාවන්‍ය නිෂ්පාදන ගැන රතු එළියක්..


ටැටූ ආයතන හිමිකරුද වෙඩික්කරුවන් පැමිණෙන ආකාරය දැක සැඟවෙන ආකාරය CCTV කැමරාවේ සටහන්ව ඇති අතර, පසුව වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පළායයි.

විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පවසන්නේ ඝාතන සඳහා යොදාගත් T 56 ගිනිඅවි දෙකට සෙලෝටේප් මගින් ඇලවූ පතුරම් ගැබ් දෙක බැගින් යොදාගෙන තිබූ බවයි.

පොලීසිය පවසන්නේ, මොවුන් ගිනි අවි රැගෙන දිවගෙන එන ආකාරයත්, වෙඩි තැබීම සිදුකළ ආකාරයත් අනුව දෙදෙනාම මනා පුහුණුවක් ලැබූ වෙඩික්කරුවන් බවයි.

ඒ අනුව ඔවුන් ආරක්ෂක අංශ සාමාජිකයන්ද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇත.

මේ අතර, වෙඩික්කරුවන් ඔවුන් පැමිණි රථයට නැඟ ඇත්තේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයට කිලෝමීටර් දෙකක පමණ දුරකින් පිහිටි ඔරුවල ප්‍රදේශයෙන් බවයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ක්ලබ් වසන්ත කතුන් සමග ප්‍රභූවරුන් ලිංගිකව හැසිරෙන දර්ශන අරගෙන..හිටපු ජනාධිපතිවරයෙකුද ඒ අතර.(VIDEO)

ක්ලබ් වසන්ත කතුන් සමග ප්‍රභූවරුන් ලිංගිකව හැසිරෙන දර්ශන අරගෙන..හිටපු ජනාධිපතිවරයෙකුද ඒ අතර.(VIDEO)


ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට මීට පෙරද ලොකු පැටී නැමැත්තා ඇතුළු පිරිස උත්සාහ කර ඇති බව, පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මාතර ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා ද ඔහුට ඇරයුම් කර ඇතත් එවර ඔහුට ඊට සහභාගීවීමට නොහැකි වීමද විශේෂත්වයකි.

ඒ එම කාලසීමාවේ ක්ලබ් වසන්ත සිංගප්පූරුවේ සංචාරයක නිරතවීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ReeCha