ලස්සන වෙන්න පාවිච්චි කළ රූපලාවන්‍ය නිෂ්පාදන ගැන රතු එළියක්..
ව්‍යාජ රූපලාවන්‍ය නිෂ්පාදන විකිණීම හා ප්‍රදර්ශනය කළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
ඒ, මහනුවර දළදා වීදියේ සිදු කළ වැටලීමකදී බවයි පැවසෙන්නේ.
මේ අනුව අනාවරණ වී ඇත්තේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 42 හා 60 යන වයස්වල පසුවන මඩවල හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.