ලක්ෂ දහයක අල්ලස් ගත් වාප්පු ලිපිකරු යළි රිමාන්ඩ්
ව්‍යාපාරිකයෙකු විසින් විදේශීය රටකින් ගෙන්වන ලද බහාලුම් පෙට්ටියක් නිෂ්කාශනය කරදීම සඳහා ඔහුගෙන් රුපියල් දසලක්ෂ හතලිස් පන්දහකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වාප්පු ලිපිකරුවකු පසුගිය දා අත් අඩංගුවට ගණු ලැබීය.
ඔහු නැවතත් ලබන 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(30) නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.