නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ පන්තියක සිසුන් සංඛ්යාවේත් වෙනසක් - නොවැම්බර් 30 වෙනිදා සිට මේ ගුරුවරුන්ට රාජකාරියක්
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක සිසුන් සංඛ්යාව තිස් පහක උපරිමයකට සීමා කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව පන්තියක සිසුන් සංඛ්යාව තිහකට හෝ තිස් පහකට සීමා කිරීමේ අවශ්යතාව මේ වන විට ගුරු පුහුණු කටයුතුවල යෙදී සිටින ගුරුවරුද අධ්යාපන බලධාරීන්ට පෙන්වා දී ඇති බව සඳහන්.
එමෙන්ම ලබන වසරේදී දෙක හා හය ශ්රේණි සිසුන් සඳහා අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කෙරෙන බව සඳහන්.
ඒ සඳහා ගුරුවරුන් දසදහසක් පුහුණු කිරීමේ කටයුතු ජාතික අධ්යාපන ආයතනය මේ වන විට ආරම්භ කර ඇති අතර එසේ පුහුණුව ලබන ගුරුවරු ඒ ඒ පළාත්වල ගුරුවරුන් පුහුණු කළ යුතු බව පවසයි.
මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්
ඒ අනුව ජාතික අධ්යාපන ආයතනය සැලසුම් කර ඇත්තේ මෙම ශ්රේණි දෙකේ සියලු ගුරුවරු නොවැම්බර් මස තිස් වැනිදා වන විට පුහුණු කර අවසන් කිරීමටයි.
එමෙන්ම මෙම ක්රියාවලියේදී ගුරුවරයාට සෑම සිසුවකුම නිරීක්ෂණය කිරීමේ වගකීම පැවරෙන බැවින් සිසුන් සංඛ්යාව සීමා කිරීම අත්යවශ්ය බව ගුරුවරු පෙන්වා දෙයි.
එසේම විනාඩි හතළිහකින් යුත් කාලච්ඡේදය ඇතුළත සියලු සිසුන් නිරීක්ෂණය කර එම අවස්ථාවේදීම ලකුණු ලබාදීමද ගුරුවරුන්ට පැවරෙන වගකීමක් වේ.
තවද ගුරු පුහුණුවල යෙදී සිටින ගුරුවරු පෙන්වා දී ඇත්තේ ඇතැම් ප්රධාන පෙළේ පාසල්වල පන්තියක සිසුන් සංඛ්යාව හතළිහ ඉක්මවා සිටින හෙයින් මෙම ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමේදී ගුරුවරුන්ට අපහසුතාවට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
එබැවින් ඉදිරි වසර තුන ඇතුළත සිසුන් සංඛ්යාව සීමා කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කෙරෙන බවට අධ්යාපන හා උසස් අධ්යාපන අමාත්යාංශ නිලධාරියෙක් සඳහන් කළ බව වාර්තා වේ.
එසේම පළමු ශ්රේණියේ පන්තියක සිසුන් සංඛ්යාව තිස් පහකට සීමා කළ යුතු බවට ශ්රේෂ්ඨාධිකරණය 2011 වසරේදී නියෝගයක්ද ලබා දී ඇති බව සඳහන්.