කුරුණෑගල හිටපු නගරාධිපති මහ නගර සභාවේ ඉඩමක් බිරිඳගේ නමට ගෙන සුවිසල් මාලිගාවක් හදලා
කුරුණෑගල මහ නගර සභාව සතුව තිබූ කෝටි ගණනක් වටිනා ඉඩමක් හිටපු නගරාධිපති වශයෙන් කටයුතු කළ තුෂාර සංජීව විතාරණගේ මහතා අයථා ලෙස භාවිතා කළ පුවතක් පිළිබඳව වාර්තාවේ.
ඒ අනුව ඔහු මෙම ඉඩම තමන්ගේ බිරිඳගේ නමට ගෙන කුරුණෑගල වැහැර පිහිටි එම ඉඩමට යාබදව ඇති ඔහුගේ තවත් ඉඩමක් යා කර සුවිශාල නිවසක් ඉදිකර ඇති බවට වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් නගර සභාවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් එකතු වී කුරුණෑගල මූලස්ථාන පොලිසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට වාර්තාවේ.
ඒ අනුව මෙම චෝදනාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම නිවස ඉදිකර ඇත්තේ ඉඩම් කැබලි දෙකක් යා කරමින් බව සහ මේ ආකාරයට කුරුණෑගල නගරයේ ඇති ඉඩකඩම් සහ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඥාතීන්ට සහ හිතවතුන්ට ලබා දී ඇති බවයි.
ඒ අනුව දේපල අයථා ලෙස භාවිතා කරන්නේ නම් ඔහුට නම්බුකාර ඒවා නැවත ගෙනවිත් භාර දෙන මෙන් මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ ඉල්ලා සිටියි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.