විශේෂ පිරිසකගේ මාසික දීමනාව රුපියල් 5000කින් වැඩි කරයි?..
By Aruna
මාසිකව ලබාදෙන රුපියල් 5000ක දීමනාව වසර ගණනාවක් තිස්සේ වැඩි කිරීමක් සිදු නොවීම පිළිබඳව සලකා බලන ලෙස කලා ශිල්පීන් චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
මෙම දීමනාව සිනමා කලා ක්ෂේත්‍රයේ නියැළී සිටින විශ්‍රාමික කලා ශිල්පීන් වෙනුවෙන් ලබා දෙන ලෙසයි මෙම ඉල්ලීම කර ඇත්තේ.

පාසල් දරුවන් අතර පවතින ලිංගික සබඳතා ගැන භයානක ආරංචියක්..සිසුවියන් යොමුවීමේ අධික වර්ධනයක්.. සියලු දෙමාපියන් මේ ගැන දැනුවත් වන්න.
සිනමා කලා ක්ෂේත්‍රයේ නියළී සිටින කිහිපදෙනකුම පසුගිය කාලවලදී පාර්ලිමේන්තුව නියෝජනය කළත් ඔවුන් කිසිවකු මෙම විශ්‍රාමික කලාකරුවන් ලබන සුළු දීමනාව පිළිබඳව කිසිදු පියවරක් නොගත් බව ද එම කලාකරුවෝ පවසයි.
මෙම විශ්‍රාමික දීමනාව මාසිකව ලබාගනු ලබන්නේ තරුපහේ ප්‍රධාන පෙළේ නළු නිළියන් හෝ සිනමා කාර්මිකයන් නොවන බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටියි.
පසුගිය කාලයේ මෙම ප්‍රශ්නය බාලගිරිදෝෂයක් බවට පත්ව තිබූ බවයි ඔවුන් අවධාරණය කළේ.
You May Like This Video