පාසල් දරුවන් අතර පවතින ලිංගික සබඳතා ගැන භයානක ආරංචියක්..සිසුවියන් යොමුවීමේ අධික වර්ධනයක්.. සියලු දෙමාපියන් මේ ගැන දැනුවත් වන්න.
පාසල් දරුවන් අතර සමලිංගික ආදර සබඳතා ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසනවා.
වෛද්‍යවරයා සඳහන් කළේ, විරුද්ධ ලිංගික දූදරුවන් අතර සම්බන්ධතා හීන වී යෑමත්, දරුවන් හුදෙකලා ලෝකවල තනිවීමත්, ජංගම දුරකථන භාවිතය ඉහළ යෑමත් ඇතුළු කරුණු රැසක් මෙයට බලපා තිබෙන බවයි.
මෙම ගැටලුව සඳහා පාසල් මට්ටමින් විසඳුම් සෙවිය නොහැකි බවත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අංශවල ද සහය ලබා ගනිමින් නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙන බවත් වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.
වෛද්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, පාසල් සිසුවියන් මානසික රෝග ප්‍රතිකාර සඳහා යොමුවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ද පෙනෙන්නට ඇතැයි ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙවැනි කරුණු බවයි.
You May Like This Video