අද සිට ඉන්දීය සිනමාව ලංකාවේ නගර රැසකට එයි..මෙන්න ඔබට සුවිශේෂී අවස්ථාවක්.
2025 ජනවාරි 6 වන දින ඇරඹෙන ඉන්දීය සිනමා උළෙල 2025 ජනවාරි 10 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නගර රැසක පැවැත්වෙන අතර එහිදී තෝරා ගත් ඉන්දීය සිනමා පට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.
සිනමා උළෙල 2025 ජනවාරි 06 වන දින සඳුදා ප.ව. 6.30 ට කොළඹ PVR සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘83’ චිත්‍රපටයෙන් ඇරඹීමට නියමිතව ඇත.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, හම්බන්තොට සහ යාපනය ඉන්දීය කොන්සියුලර් ජනරාල් කාර්යාල විසින් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කරනු ලබන මෙම සිනමා උළෙලේදී නාට්‍යමය, ප්‍රේමණීය, ක්‍රියාදාම සහ ඓතිහාසික තේමාවන් රැගත් චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය කරයි.
මෙම චිත්‍රපට ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ බහු විධ උරුමය පිළිබඳ අදහසක් ප්‍රේක්ෂකයාට ලබාදෙමින් ඉන්දීය සිනමාවේ විවිධත්වය සහ විචිත්‍රත්වය සමරයි.
කොළඹ නගරයට අමතරව බදුල්ල, යාපනය, ගාල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ නුවරඑළිය ප්‍රදේශවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.
කොළඹ නගරයේ ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට සහ ප්‍රදර්ශන වේලාවන් සඳහා පහත දැක්වෙන පත්‍රිකාව බලන්න.
ඇතුළුවීම නොමිලේ වන අතර ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා dir.icc.colombo@gmail.com වෙත ඊ-මේල් පණිවුඩයක් එවිය යුතු බවයි දැනුම්දී ඇත්තේ.
You May Like This Video