සියලුම රථවාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්.. වහාම සති 02කට කලින් මේදේ අනිවාර්යෙන් කරන්න.

Report

බස්, ලොරි, ත්‍රිරෝද රථ ඇතුළු සියලුම රථවාහනවලට සවිකර ඇති අනවශ්‍ය අමතර කොටස් ගලවා ඉවත් කිරීමට පොලිස් රථවාහන අංශය සති දෙකක සහන කාලසීමාවක් ලබා දී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ලබන 17 වැනිදාට පෙර තම වාහනයේ සවිකර ඇති අමතර කොටස් ගලවා ගන්නා ලෙසයි පොලිස් රථවාහන අංශය දැනුම් දෙනු ලබන්නේ.

ඇත්තටම පොල් තෙල් වලට මොකද වුනේ?..පොල් තෙල් කද්දි මෙහෙම හිතුවද?

ඇත්තටම පොල් තෙල් වලට මොකද වුනේ?..පොල් තෙල් කද්දි මෙහෙම හිතුවද?


පොලිස් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනන්නේ, ලබන 17 වැනිදායින් පසුව අමතර කොටස් සවි කළ සියලුම වාහනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව වාහනවල සවිකර ඇති අධික හඬ සහිත නළා, යකඩ බාර්, අනවශ්‍ය විදුලි බල්බ සහ සැරසිලි ඇතුළු සියලුම අනවශ්‍ය අංගෝපාංග ගලවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි හපුගොඩ මහතා කියා සිටියේ.

විශේෂයෙන්ම පෞද්ගලික බස් සහ ත්‍රිරෝද රථවල මෙම අනවශ්‍ය අමතර කොටස් බහුලව දක්නට ලැබෙන බව පවසන ඉන්දික හපුගොඩ මහතා මෙම අමතර කොටස් නිසා මහජනතාවට දැඩි පීඩාවක් සිදුවන බවද අවධාරණය කළේ ය.

බස් රථ රියදුරන් හෙට කරන්න යන දේ..සියලු මගීන් මේ ගැන දැනුවත්ව ඉන්න.

බස් රථ රියදුරන් හෙට කරන්න යන දේ..සියලු මගීන් මේ ගැන දැනුවත්ව ඉන්න.


අධික හඬ සහිත නළා බස් රථවලට සවිකිරීමෙන් ශබ්ද දූෂණය දැඩිව සිදු වන අතර ඉන් ජනතාව පීඩාවට ලක් වෙයි.

හපුගො මහතා වැඩිදුරටත් කියා සිටියේ, ලබන 17 වැනිදායින් පසුව මෙම අමතර කොටස් සවි කළ වාහන නීතියේ රැහැනට නතුකර ගැනීමේ මෙහෙයුම් දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන බවයි.

You May Like This Video