ඔයත් මේ ආයතනවල ජොබ්වලට රැවටුනාද - ආයේ ජීවිතේටවත් අහුවෙන්න එපා ගොඩ ඒමක් නෑ

Report

“ශේඩ් ඔෆ් ප්‍රෝකෙයා” නමින් ආයතනයක් පවත්වාගෙන යමින් මාර්ගගත ක්‍රම ඔස්සේ රැකියා ලබාදෙන බව පවසා කෝටි 1000කට අධික මුදලක් වංචාකළ බවට සිද්ධියක් පිළිබඳව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියහ.

විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, “ශේඩ් ඔෆ් ප්‍රෝකෙයා” ආයතනය තහනමට ලක්ව ඇති බැවින් එහි අධ්‍යක්ෂවරු ඇතුළු පිරිසක් වෙනත් නම් ඔස්සේ මෙම පිරමීඩ ජාවාරම රට තුළ ක්‍රියාත්මක කරන බවයි.

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

දැනට කරන ලද විමර්ශනවලින් “ඉනෙක් ඉන්ටනැෂනල්”, “ෆ්‍රිලාන්ස් ක්‍රියේටිව්” සහ “සංදේශ්” යන නම් තුන අනාවරණය වී ඇති අතර, මෙම ආයතන මාර්ගගත ක්‍රම ඔස්සේ රැකියා ලබාදෙන බව පවසමින් ජනතාවගේ මුදල් වංචා කරමින් සිටින බවද නිලධාරීන් අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොවී රැවටීම්වලට ලක්වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක්

මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක්