ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමේ සිදුවීම ගැන සිදුකරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් වහාම දෙන්නැයි CIDයට නියෝගයක්..

Report

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට (19) පෙරවරු 9.00ට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සජබෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් නිසාම් කාරියප්පර් දිවුරුම් දෙයි...

සජබෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් නිසාම් කාරියප්පර් දිවුරුම් දෙයි...

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇති හෙයින් අදාළ විභාගය යළි පවත්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

රාජාංගනය සද්ධාරතන හිමියන් කුණුහරප කියනවාද බලා වාර්තාවක් දෙන්නැයි අධිකරණය නියෝගයක්..

රාජාංගනය සද්ධාරතන හිමියන් කුණුහරප කියනවාද බලා වාර්තාවක් දෙන්නැයි අධිකරණය නියෝගයක්..

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම් විභාගය අද දිනයේත් පැවැත් වේ.

You may like this video