මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම ගැන CIDයෙන් විමර්ශන
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇත.
නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම නිරීක්ෂණය වූ බව සඳහන් කර තිබෙනුයේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක් අනුවයි .
එම ගැටලුව යථාවත් කර ගැනීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර තිබෙන බවට පොලීසිය සදහන් කර තිබේ .
කෙසේ නමුත්, මෙම අතරතුරදී වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලි බවක් නිරීක්ෂණය වූ අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් අනුව අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය 09 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ලට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
ඒ වගේම පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක් මහජන ආරක්ෂක අමාත්‍යංශ මට්ටමින්ද අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි.