මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?

Report

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ පිළියන්දල, වෑවල පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත සැකකටයුතු ආකාරයට මියගොස් සිටියදී හමුවූ බව පිළියන්දල පොලිසිය පවසන බව වාර්තා වේ.

ඒ අනුව එහිදී, බත්තරමුල්ල පිහිටි හෝටලයක ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් පසුව, අද (31) දින අලුයම ඇය අදාළ ව්‍යාපාරිකයා සමඟ මෙම නිවසට පැමිණ ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

එසේම ඇය ඇඳ මත මුනින් අතට නිදා සිටින අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා ඇයව අවදි කිරීමට උත්සාහ කර තිබෙන අතර, ඊට ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා 1990 සුවසැරිය ගිලන් රථ සේවය අමතා ඇති බව වාර්තා වේ.

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

ඒ අනුව එම ස්ථානයට පැමිණි සෞඛ්‍ය සේවකයින් පරීක්ෂා කර ඇය මියගොස් ඇති බව තහවුරු කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා විසින් පිළියන්දල පොලිසියට මේ බව පැමිණිලි කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන්.

කළුතර පයාගල කැළඹෙයි - මීට සුළු වෙලාවකට පෙර වෙඩි තැබීමක්

කළුතර පයාගල කැළඹෙයි - මීට සුළු වෙලාවකට පෙර වෙඩි තැබීමක්

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න