මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

Report

සැක කටයුතු ආකාරයට මියගිය බව කියන ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන් බව පිළියන්දල පොලිසිය පවසන බව වාර්තා වේ.

ඒ අනුව ඇයගේ ශරීරයේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල දක්නට නොමැති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති බවත් ශරීර කොටස් වැඩිදුර විමර්ශන වෙනුවෙන් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන්.

බොරලැස්ගමුව පදිංචි නිරූපණ ශිල්පිනි, චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ, පිළියන්දල තුම්බෝවිල ගංගාරාමපාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඇඳක් මත ඊයේ (31) දින හදිසියේ ජීවිතක්ෂයට පත්ව සිටියා.

මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?

මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?

එම මරණය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා ස්ථානීය සහ මළ සිරුර පරික්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මළ සිරුර තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරියකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසියට කළ නියෝගයක් අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් වෛද්‍ය පරීක්ෂණය පවත්වා ඇත.

එසේම බත්තරමුල්ල ප්‍රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් පසුව ඇය ව්‍යාපාරිකයා සමඟ ඊයේ (31) දින අලුයම පහට පමණ පිළියන්දල ඔහුගේ නිවසට පැමිණ කාමරයක නින්දට ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළි විය.

සැකයක් ඉතිරි කර අවසන් ගමන් ගිය චූලාගේ මරණය ගැන පැමිණිලි 2ක් - පශ්චාත් මරණ පරීක්ෂණය අද කළුබෝවිල රෝහලේ දී

සැකයක් ඉතිරි කර අවසන් ගමන් ගිය චූලාගේ මරණය ගැන පැමිණිලි 2ක් - පශ්චාත් මරණ පරීක්ෂණය අද කළුබෝවිල රෝහලේ දී

එදිනම දහවල් 12.45 ට පමණ ඇයව නින්දෙන් අවදි කිරීමට කටයුතු කර ඇතත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා 1990 ගිලන් රථ සේවය කැඳවා පරීක්ෂාවට ලක් කර තිබූ බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී එම සෞඛ්‍ය සේවකයන් පරික්ෂා කර අඳාළ කාන්තාව මියගොස් ඇති බවට හෙළි කර ඇති අතර ඇය නිදා සිටි ඇද ඇතිරිල්ලි ලේ පැල්ලමක් තිබී ඇති බැවින් අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධව පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබුණා.

එමෙන්ම මියගිය නිරූපණ ශිල්පිනියගේ මව ද පිළියන්දල පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පිළියන්දල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කරයි.

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න