සැකයක් ඉතිරි කර අවසන් ගමන් ගිය චූලාගේ මරණය ගැන පැමිණිලි 2ක් - පශ්චාත් මරණ පරීක්ෂණය අද කළුබෝවිල රෝහලේ දී
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ පිළියන්දල, වෑවල පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත සැකකටයුතු ආකාරයට මියගොස් සිටියදී හමුවූ බව වාර්තා වේ.
ඒ අනුව එහිදී, බත්තරමුල්ල පිහිටි හෝටලයක ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් පසුව 31 දින අලුයම ඇය අදාළ ව්‍යාපාරිකයා සමඟ මෙම නිවසට පැමිණ ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය
ඉන්පසුව එහි නිදාගත් ඇය දහවල් 12 .45 වන තුරු අවදිව නැහැ එසේම ඇය ඇඳ මත මුනින් අතට නිදා සිටින අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා ඇයව අවදි කිරීමට උත්සාහ කර තිබෙන අතර, ඊට ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා 1990 සුවසැරිය ගිලන් රථ සේවය අමතා ඇති බව වාර්තා වේ
ඇය නිදා සිටි ඇතිරිල්ලේ ලේ පැල්ලමක්ද තිබූ බැවින් අදාළ ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිළි කර තිබේ .
ඒවගෙම මෙම ව්‍යාපාරිකයා හා ඇය අතර සමීප සබදතාවයක් තිබූ බවද වාර්තා වේ
තවද ඇයගේ මරණය ගැන මවද පැමිණිළි කර තිබේ .
ඒ අනුව මේ පිළිබද පැමිණිළි 2ක් ලැබී ඇත.
මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?
කෙසේ වෙතත් මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය ඊයේ රාත්‍රියේදී සිදු කර තිබේ
ඉන්පසුව දේහය පිළිබද ප්ශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදී පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ