ජාතී, ආගම්, පන්ති, පක්ෂ භේදයෙන් තොරව නත්තලේ සැබෑ යථාර්ථය පෙරදැරි කර ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමට කාලය එළඹ ඇත..

Report

නත්තල යනු වාද භේද දුරලා මනුෂත්වයේ නාමයෙන්, සමඟියෙන් හා සාමයෙන් කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නත්තල් දින සැමරුම වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලු ජන කොටස් ඒකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමූහික වගකීමක් සේ සලකා දේශයේ වගකීම් වෙනුවෙන් එකමුතු විය යතු බවය.

වර්ථමානයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය දැවැන්ත සමාජ පරිවර්ථනය සහ ජාතික පුනරුදය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අතර දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයාගේ නත්තල් දින පණිවුඩයේ සඳහන් වේ

වැඩේ ලේසි වෙන්නේ නෑ දැන් නම්... විශේෂ මෙහෙයුමක් ආරම්භ කරලා..දැනුම් දෙන්න අංකයකුත් දීලා..

වැඩේ ලේසි වෙන්නේ නෑ දැන් නම්... විශේෂ මෙහෙයුමක් ආරම්භ කරලා..දැනුම් දෙන්න අංකයකුත් දීලා..

නත්තලේ සැබෑ යථාර්ථය වන සාමූහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදාවූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විත කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මෙම සමයේදී අනෝන්‍යය සබඳතා වැඩි දියුණු කර ගැනීම සහ ඉවසීම වර්ධනය කර ගැනීම මෙන්ම එකමුතුකමේ සහ අවබෝධය ඇති කර ගැනීමට කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කල නත්තල් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

දිනෙන් දින වැඩි වෙන පාතාලයේ බිහිසුණු ක්‍රියා පාලනය කරන්න යන්නේ මෙහෙමයි..

දිනෙන් දින වැඩි වෙන පාතාලයේ බිහිසුණු ක්‍රියා පාලනය කරන්න යන්නේ මෙහෙමයි..

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල දින පණිඩුඩයෙන් පෙන්වාදී ඇත්තේ සියලු ජාතීන්, ආගම්, පක්ෂ, බාල, තරුණ සහ වැඩිහිටියන් වෙනසකින් තොරව සමරන නත්තලේ නිවරදි අරුත වටහාගෙන රටක් ලෙස ඉදිරියට යාමට කාලය එළඹ ඇති බවය.

මේ මොහොතේ රට පවතින බංකොලොත් තත්ත්වයෙන් මිදීමට නම් ජාතී, ආගම්, පන්ති, පක්ෂ භේදයෙන් තොරව සියලුම ජනතාව සහෝදරත්වයෙන්, සංහිදියාවෙන් මෙන්ම ප්‍රේමයෙන් කටයුතු කළ යතු බව විපක්ෂනායකවරයා සිය නත්තල දින පණිඩුඩයෙන් පෙන්වා දෙයි.

You may like this video