වෙළෙඳසැලකින් චොක්ලට් සොරකමක්? - පහරකින් මරුමුවට

Report
Courtesy: BBC - SINHALA

පේරාදෙණිය, පහළ ඊරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි ධර්මසේන කුරේ නමැති දෙදරු පියෙකු, චොක්ලට් සොරාගත් බවට චෝදනා කරමින් වෙළෙඳසැලකදී ලබාදුන් පහරදීමකින් බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු 11 වැනිදා රාත්‍රියේ මියගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳසැලේ හිමිකරු සහ එහි සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලුණු කන්ටේනර් 1000ක් රේගුවේ රැඳී - පාරිභෝගිකයන්ට හිඟයක්ද?

ලුණු කන්ටේනර් 1000ක් රේගුවේ රැඳී - පාරිභෝගිකයන්ට හිඟයක්ද?

බීබීසී සිංහල සේවයට අනුව, මෙම පහරදීම අගෝස්තු 5 වැනිදා සිදුවී ඇත. ධර්මසේන කුරේ, තම දරුවන් දෙදෙනාගේ විවාහයෙන් පසු බිරිඳ සමඟ ජීවත්වූ අතර, අගෝස්තු 4 වැනිදා සවස පේරාදෙණිය නගරයට ගොස් ආහාර ද්‍රව්‍ය මිලදී ගනිමින් සිටියදී, අසල වෙළෙඳසැලක පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහු චොක්ලට් සොරාගත් බවට CCTV දර්ශන උපුටා දක්වමින් චෝදනා කර ඇත. ඉන්පසු ඔවුන් ඔහුව වෙළෙඳසැල තුළට රැගෙන ගොස් පහරදී ඇති බව පොලිසිය පවසයි.

මුලික විමර්ශනවලට අනුව, වෙළෙඳසැලේ හිමිකරු සහ සේවකයෙකු විසින් අත්පා භාවිතයට අමතරව යකඩ මුගුරකින් ද පහරදී ඇති අතර, එහිදී ඔහුගේ හිසට සහ පාදයකට බරපතල තුවාල සිදුව ඇත.

කණ්ඩලමේ හැඩකාරයාත් සදහටම සමු ගෙන

කණ්ඩලමේ හැඩකාරයාත් සදහටම සමු ගෙන

පහරදීමෙන් පසු ඔහුව රාත්‍රිය වන තුරු වෙළෙඳසැල තුළ සිරකර තබා ඇති අතර, වෙළෙඳසැල වැසීමෙන් පසු රාත්‍රියේදී එළිමහනට දමා ඇත. උදෑසන 7:00ට පමණ එම ප්‍රදේශයෙන් ගමන් කළ කාන්තාවක් ඔහුව හඳුනාගෙන සුවසැරිය ගිලන් රථයකින් රෝහල්ගත කර ඇත. 

රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටි ධර්මසේන කුරේ, පේරාදෙණිය පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර, එහිදී තමන්ට පහරදුන් ආකාරය සහ චොක්ලට් සොරකම් චෝදනාව පිළිබඳ විස්තර කර ඇත. එහෙත්, ඔහු අගෝස්තු 11 වැනිදා රාත්‍රියේදී මියගොස් ඇත.

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෙළෙඳසැල් හිමිකරු සහ සේවකයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔවුන් දෙදෙනා අගෝස්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඩී.පී.පී. සේමසිංහ විසින් මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා විවෘත තීන්දුවක් ලබාදී ඇති බවත් වාර්තා වේ. 

ඩඩ්ලි ප්‍රසිද්ධියෙම කියපු බරපතළ කතාව, මගේ අයියව මම හොඳටම දන්නවා මේවට අනුරගේ සම්බන්ධයක් නෑ

ඩඩ්ලි ප්‍රසිද්ධියෙම කියපු බරපතළ කතාව, මගේ අයියව මම හොඳටම දන්නවා මේවට අනුරගේ සම්බන්ධයක් නෑ