බදුල්ලේ සිදුවූ දුම්රිය අනතුර...චීන කාන්තාවට වෙච්ච දෙයක්...!

Report

ශ්‍රී ලංකාවේ නුවර සිට බදුල්ල දක්වා ගමන් ගත් දුම්රියකදී සමාජ මාධ්‍ය සඳහා ඡායාරූප ගැනීමට උත්සාහ කළ චීන සංචාරක කාන්තාවක් (වයස 35) බරපතළ තුවාල ලබා තිබෙනවා.

මෙම සිදුවීම ඉරිදා (මාර්තු 9) සිදු වූ අතර, ඇය දුම්රියෙන් පිටතට ඔළුව එළියට දමා ඡායාරූප ගන්නා අතරතුර උමං මාර්ගයක බිත්තියක හිස වැදී ඇය බිමට වැටී තිබෙනවා.

හලාවත පොලිසියෙන් ව්‍යාජ මැණික් ගල් මිලියන 23කට අලෙවි කළ තිදෙනෙකුට අත්අඩංගුවට!

හලාවත පොලිසියෙන් ව්‍යාජ මැණික් ගල් මිලියන 23කට අලෙවි කළ තිදෙනෙකුට අත්අඩංගුවට!

මෙම කාන්තාව නානුඔය සිට බදුල්ල දක්වා ගමන් ගත් දුම්රියේදී, ඉඩල්ගස්හින්න 19 වන උමං මාර්ගය අසලදී මෙම අනතුරට මුහුණ දුන්නා.

ඇයගේ හිස සහ කකුල්වලට බරපතළ තුවාල සිදු වූ බවත්, ඇයව වහාම හපුතලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවත් “South China Morning Post” වාර්තා කළා.

පසුව විශේෂ ප්‍රතිකාර සඳහා දියතලාව යුධ හමුදා රෝහලටත්, ඉන්පසු බදුල්ල ශික්ෂණ රෝහලටත් ඇයව මාරු කර ඇති අතර, ඇගේ තත්ත්වය තවමත් බරපතළ යැයි සඳහන්.

මෙම සිදුවීම සමාජ මාධ්‍යවල “වයිරල්” වීමට ගන්නා ඡායාරූප හා වීඩියෝ නිසා සිදුවන අනතුරුවල නවතම උදාහරණයක්. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල මනරම් දසුන් ඡායාරූප ගැනීමට සංචාරකයින් උත්සාහ කිරීම නිසා මෑතකදී තුවාල හා මරණ රැසක් වාර්තා වී තිබෙනවා.

මේ නිසා චීන තානාපති කාර්යාලය විසින් මාර්තු 10 දින නිවේදනයක් නිකුත් කරමින් සංචාරකයින්ට දුම්රිය දොරටුවලින් එළියට නොනැමෙන ලෙස අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

හැංගි හැංගි සෙල්ලම් පෙන්නපු කුමන්ත්‍රණකාරිණි ය අත්අඩංගුවට....ඩුබායි ගිහින්ලු....

හැංගි හැංගි සෙල්ලම් පෙන්නපු කුමන්ත්‍රණකාරිණි ය අත්අඩංගුවට....ඩුබායි ගිහින්ලු....

රටේ ගැහැණු ළමයින් පරිස්සම් කරගන්න... නව තාක්ෂණයෙන් කරන සෙල්ලමක් ගැන හෙළිදරව්වක්....

රටේ ගැහැණු ළමයින් පරිස්සම් කරගන්න... නව තාක්ෂණයෙන් කරන සෙල්ලමක් ගැන හෙළිදරව්වක්....