චීන ජනපති ඇමරිකා සංචාරයක..
By Hashini
21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව සඳහා සහභාගී වීමට චීන ජනපති ෂි ජින්පින් සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත ගොස් තිබෙනවා.
චීන ජනපති මෙලෙස ඇමරිකාවට ගොස් ඇත්තේ වසර 6කට පසුවයි.
ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න්ගේ විශේෂ ඇරයුමක් හේතුවෙන් චීන ජනපති ඇමරිකාව බලා පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීනය හා ඇමරිකාව අතර පවතින ගැටුම් සමතයකට පත් කර ගනිමින් ද්වී පාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.