මධ්‍යම බෙංගාල බොක්ක හෙට දිනයේ අවදානම්..

By Hashini Nov 15, 2023 11:37 AM GMT
Report

හෙට (16) දිනයේ උදෑසන වනවිට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු අක්ෂාංශ 10 සහ 19ත් නැගෙනහිර දේශාංශ 82ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද ඉහළ යා හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සැලකිමත්වන ලෙසයි.

අන්දමන් සහ නිකොබාර් යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය, අද (15) උදෑසන 8.30 වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවතුණා.

මධ්‍යම බෙංගාල බොක්ක හෙට දිනයේ අවදානම්.. | Central Bay Of Bengal Risks Tomorrow

අදාළ මුහුදු ප්‍රදේශ තුළ සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බව දැනුම්දෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 තුළ අදාළ ප්‍රදේශ වෙත යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලබනවා.

මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම් දී තිබෙනවා. 

මධ්‍යම බෙංගාල බොක්ක හෙට දිනයේ අවදානම්.. | Central Bay Of Bengal Risks Tomorrow

කෝප් කමිටු සභාපතිගේ දබර ඇඟිල්ලේ සංඥාවෙන් තමන්ගේම රෙදි ගලවාගත් හැටි.(PHOTO)

කෝප් කමිටු සභාපතිගේ දබර ඇඟිල්ලේ සංඥාවෙන් තමන්ගේම රෙදි ගලවාගත් හැටි.(PHOTO)