අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන සමාගම ඉවත් වෙයි
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය, රජයේ බලධාරීන් විසින් නීති විරෝධී ලෙස අත්හිටුවා ඇති බැවින් තමන්ට සිදු වූ පාඩුව අයකර ගැනීමට නීති උපදෙස් ලබාගනිමින් සිටින බව ආයෝජන සමාගම ඇම්බර් ඇඩ්වෙන්චර්ස් පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සහ පැමිණිලි මත පදනම්ව, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් පසුගිය ජනවාරි 9 වැනිදා නිකුත් කළ ලිපියක් මගින් ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙන බව දැක්වේ.
ඇම්බර් ඇඩ්වෙන්චර්ස් සමාගම, මෙම තත්වය හේතුවෙන් ව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන යා නොහැකි බවත්, මැදිහත් වීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හරහා කටයුතු කරන බවත් පවසයි. චීන ආයතනයක් ලෙස සමාගම අවශ්‍ය පියවර ගනිමින් සිටියි.
මෙම සම්බන්ධයෙන් 2026 ජනවාරි 13 වැනිදා ඇම්බර් ඇඩ්වෙන්චර්ස් සමාගමේ අධ්‍යක්ෂ හුවැන්ග් යූපින්ග්ගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යොමු කරන ලද ලිපියේ පිටපත් ජනාධිපතිවරයා, පරිසර අමාත්‍යවරයා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත යවා ඇත.
ලිපිය මගින් සමාගම වැඩිදුරටත් පවසා ඇත්තේ, මේ ආයෝජන ව්‍යාපෘතියට අත්තනෝමතික මැදිහත්වීමක් සිදුව ඇති බවත්, එය පිළිබඳ නීතිමය පියවර ගන්නා බවත් ය.
නීති විරෝධී බාධා, අවහිර කිරීම් සහ මැදිහත්වීම් හේතුවෙන් ව්‍යාපෘතිය නතර කිරීමට ඇති හැකියාව පිළිබඳව, තම පාර්ශවකරුවන් සහ නීති උපදේශකයින් සමඟ නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව සමාගම ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් යුක්ත වන අතර, මුළු ආයෝජනය ඩොලර් මිලියන 12.75 ක් ලෙස දක්වා ඇත.