නේපාල-ටිබෙට් දේශසීමාවේ නායයෑමේ ඉහළ අවදානමක් පවතින බව චීනය අනතුරු අඟවයි

Report

නේපාල-ටිබෙට් දේශසීමාව ආසන්නයේ මෑතකදී සිදුවූ නායයෑමකින් පසු නිර්මාණය වූ නව ජලාශයක් එහි බැම්ම බිඳී යාමේ ඉහළ අවදානමක් පවතින බව චීනය අනතුරු අඟවා තිබේ.

එම ජල කඳ බැම්ම බිඳී ගියහොත් පහළ ප්‍රදේශ වෙත දැවැන්ත ජල පහරක් ගලා යා හැකි අතර, එමගින් තවත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලධාරීහු පෙන්වා දෙති.

මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ බදාදා එම ප්‍රදේශයට බලපෑ මාරාන්තික හදිසි ගංවතුර තත්ත්වයෙන් පසුවය. විද්‍යාඥයන් පවසන්නේ එම ගංවතුරට කඳුකර ප්‍රදේශයක ග්ලැසියර කොටසක් ගංගාවකට කඩා වැටීමෙන් ඇති වූ දැවැන්ත ජල පහරක් හේතු වී ඇති බවට සැක කරන බවයි.

මේ අතර, නව ජලාශය බිඳී ගියහොත් ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ගලවාගැනීමේ කණ්ඩායම් දැඩි අවධානයෙන් පසුවෙති. චීන කටයුතු පිළිබඳ වාර්තාකාරිනී ලෝරා බිකර් විසින් නේපාල–ටිබෙට් දේශසීමාවේ පවතින නව අවදානම සහ එහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරයි.

නේපාල ව්‍යසනයට මාස 5කට පෙර අනතුරු ඇඟවීම් දෙකක් එළියට ඇවිත් - හිමාලයේ සැඟවුණු අවදානම ගැන හෙළිදරව්වක්

නේපාල ව්‍යසනයට මාස 5කට පෙර අනතුරු ඇඟවීම් දෙකක් එළියට ඇවිත් - හිමාලයේ සැඟවුණු අවදානම ගැන හෙළිදරව්වක්

නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරින් මියගිය ගණන 392 දක්වා ඉහළට

නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරින් මියගිය ගණන 392 දක්වා ඉහළට