''දකුණු චීන මුහුද ගැන විනිශ්චය කිරීමේ අයිතියක් නැහැ'' - ජපානයට චිනයෙන් රතු එළියක්

Report

දකුණු චීන මුහුද සම්බන්ධයෙන් 2016 වසරේ ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා ලෙස රටවල් 14ක් යළිත් අවධාරණය කිරීමෙන් අනතුරුව, එම මුහුදු කලාපය සම්බන්ධයෙන් චීනය සිය භෞමික හිමිකම් යළිත් සාධාරණීකරණය කර තිබේ.

ජපානය, ඇමරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් 12ක් විසින් එම තීන්දුවේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය ඉරිදා නිවේදනයක් නිකුත් කළේය.

පිලිපීනය විසින් ගොනු කළ නඩුවකට අදාළව ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය 2016දී ලබාදුන් "Arbitral Award" තීන්දුව මඟින්, දකුණු චීන මුහුදේ බොහෝ ප්‍රදේශ සම්බන්ධයෙන් චීනය ඉදිරිපත් කළ භෞමික හිමිකම් සඳහා නීතිමය පදනමක් නොමැති බවත්, එම හිමිකම් ජාත්‍යන්තර නීතියට පටහැනි බවත් තීරණය කර තිබුණි.

චීනයට කඩා වැදුණු බාවි කුණාටුව නිසා මිලියන ගණනක් ඉවත් කරයි

චීනයට කඩා වැදුණු බාවි කුණාටුව නිසා මිලියන ගණනක් ඉවත් කරයි

එම තීන්දුව "අවසන්, නීත්‍යානුකූලව බැඳී පවතින සහ නිශ්චිත" තීරණයක් ලෙස රටවල් 14ම සිය ඒකාබද්ධ ප්‍රකාශයෙන් අවධාරණය කර ඇත. කෙසේ වෙතත්, චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ එම තීන්දුව "නීතිවිරෝධී වන අතර කිසිදු නීතිමය බලයක් නොමැති, වටිනාකමක් නැති ලේඛනයක්" පමණක් බවයි.

එම තීන්දුව පදනම් කරගනිමින් ඉදිරිපත් කරන සියලුම ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග චීනය ප්‍රතික්ෂේප කරන බවද, දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනයේ භෞමික අයිතිය සහ සමුද්‍රීය අවශ්‍යතා එම තීන්දුවෙන් කිසිසේත්ම බලපෑමට ලක් නොවන බවද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, 2016 තීන්දුව පිළිගැනීම චීනය ප්‍රතික්ෂේප කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ නීතියේ ආධිපත්‍යයට හානි කරන බව ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු ප්‍රකාශ කළ බවට ප්‍රතිචාර දක්වමින් චීනය තවත් නිවේදනයක් නිකුත් කළේය.

එම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවත්, එයට තරයේ විරෝධය පළ කරන බවත් චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

ඉරානයට ඇමරිකාවෙන් ප්‍රබල ප්‍රහාර මාලාවක් - ලෝකයටම බලපැම් සහගත තත්වයක්

ඉරානයට ඇමරිකාවෙන් ප්‍රබල ප්‍රහාර මාලාවක් - ලෝකයටම බලපැම් සහගත තත්වයක්